IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය පරිසරයක ධනාත්මක ප්‍රතිඵල ලබාගෙන - ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්තිමය පරිසරයක ධනාත්මක ප්‍රතිඵල අත්විඳිමින් සිටින බවත් ඒ හේතුවෙන් පුරෝකථනය කළ ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගෙන තිබෙන බවත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ඊයේ(15) නිකුත් කළ රටේ ආර්ථික තත්වය පිළිබඳ වාර්තාවේ දැක්වේ. 
මෙම වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාව සියයට 4.9 ක ආර්ථික වර්ධන වේගයක් ළඟාකරගෙන තිබෙන බවත්, ඩිජිටල්කරණය සහ තාක්ෂණය මෙරට ආර්ථිකයට ඉදිරියට ගෙන යාමට ප්‍රධාන සාධක බවත් එම වාර්තාවේ සඳහන්වේ. කෙසේ නමුත් මෙරට පරිගණක සාක්ෂරතාව සියයට 39 ක අඩු මට්ටමේ පවතින බවත් වතුකරයේ පරිගණක සාක්ෂරතාව සියයට 17.9 ක් බවත් එම වාර්තාවේ දැක්වේ. ඩිජිටල් නවෝත්පාදන අවස්ථා මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ රජයේ සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කළ හැකි අතර, එමගින් මෙම අසමානතා මඟහරවා ගත හැකි බවද එම වාර්තාවේ සඳහන් වේ. 

මෙරට දිළිඳුකමෙන් පෙළෙන සියයට 42 ක වැඩිහිටි ජනතාවගෙන් සියයට 40 ක ප්‍රතිශතයක් ඩිජිටල් ගෙවීම් භාවිත කරන බවට අනාවරණය වී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.
ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය මෙම වසරේ රටේ ආර්ථිකය පිළිබඳව නවතම වාර්තාව ඊයේ (15) නිකුත් කළේය.



අදහස් (0)

ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය පරිසරයක ධනාත්මක ප්‍රතිඵල ලබාගෙන - ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site