IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාව-ජපානය අතර ආර්ථීක ප්‍රතිපත්ති සංවාද සහයෝගීතා ගිවිසුමක්

නිමල කොඩිතුවක්කු

ආර්ථීක ප්‍රතිපත්ති සංවාදය පිළිබඳව ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගීතා ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සංවර්ධන සහයෝගීතාව, වෙළෙඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍ර ආවරණය කරමින් ශ්‍රී ලංකාව සහ ජපානය දීර්ඝකාලීනව ආර්ථික සම්බන්ධතා පවත්වා ගෙන ගොස් ඇත.

ද්වීපාර්ශ්වික ආර්ථික ගනුදෙනුවලට අමතරව, ශ්‍රී ලංකාව සහ ජපානය, දකුණු ආසියා වෙළෙඳපොළවලට ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාව උපාය මාර්ගික අපනයන අභිමුඛ ආර්ථික කොරිඩෝවක් ලෙස ස්ථානගත කිරීම පිණිස උපායමාර්ග සොයා බැලීමට දෙරට අතර සාකච්ඡා ආරම්භ කරනු ලැබ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ජපානය අතර විස්තීර්ණ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වෙළෙඳාම, ආයෝජනය සහ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ හා ශක්තිමත් කිරීමේ ප්‍රයත්නවල කොටසක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.



අදහස් (0)

ශ්‍රී ලංකාව-ජපානය අතර ආර්ථීක ප්‍රතිපත්ති සංවාද සහයෝගීතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site