IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාව - එක්සත් අරාබිය අතර ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලයක්

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලයක් පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට දෙපාර්ශ්වය ඊයේ (22) අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීම සඳහා අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා බින් සයිඩ් යන මහත්වරුන් ඉදිරිපිටදී දෙපාර්ශ්වය හුවමාරු කරගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

එහිදී අමාත්‍යවරුන් දෙදෙනා අතර හමුවක්ද පැවැත්වූ බවත් එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.



අදහස් (0)

ශ්‍රී ලංකාව - එක්සත් අරාබිය අතර ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site