IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකන් ඉන්ධන කොන්ත්‍රාත්තු පිරිනැමීමට ජාත්‍යන්තර ලංසු කැඳවයි

නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පැරිස්, කැන්ටොන්, ඩකා, ඩුබායි, ගැන් අයිලන්ඩ්, ජෙඩාහ් සහ ඉන්දියාවේ බැංගලෝර්, කොචින්, චෙන්නායි, දිල්ලි, මදුරෙයි, මුම්බායි, තිරුවානන්තපුරම් හා තිරුචිරප්පල්ලි යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළවලදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා ජාත්‍යන්තර සීමිත තරගකාරී ලංසු කැඳවා ඇත.
 ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි වසර දෙකක කාලසීමාවක් සඳහා අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ශ්‍රී ලංකන් ඉන්ධන කොන්ත්‍රාත්තු පිරිනැමීමට ජාත්‍යන්තර ලංසු කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site