IMG-LOGO

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා


ශ්‍රීලංකන් “සලාම් එයාර්”‍ A321neo යානයේ නඩත්තු සාර්ථකව නිම කරයි

දීර්ඝ කාලයක් තිස්සේ සිය ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ සේවා පහසුකම් ලබ ගන්නා “සලාම් එයාර්”‍ සමාගමට අයත් A321neo ගුවන් යානාවක මූලික නඩත්තු කටයුතු නියමිත දිනට පෙරාතුව සාර්ථකව සම්පූර්ණ කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය සමත් විය. 

මෙහි දී ගුවන් යානයේ දකුණු පැත්තේ ප්‍රධාන ගොඩබෑම් ගියර‍යේ (main landing gear) ප්‍රධාන කොටසක් (seal) ප්‍රතිස්ථාපනය කිරීම සිදු කරන ලදී. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය, තෙවැනි පාර්ශවීය මූලික නඩත්තු සේවා සපයන්නකු ලෙස කලාපයේ විශ්වසනීය ලෙස ඉදිරියට ගමන් කරමින් සිටී. කලාපයේ බොහෝමයක් ගුවන් සේවා සිය ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය වෙත පැමිණීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.



අදහස් (0)

ශ්‍රීලංකන් “සලාම් එයාර්”‍ A321neo යානයේ නඩත්තු සාර්ථකව නිම කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site