
ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ මාලේ වේලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (Velana International Airport) සිය මෙහෙයුම් කටයුතු 2025 දෙසැම්බර් 17 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නව ”1 වැනි පර්යන්තය” (Terminal-1) වෙත නිල වශයෙන් මාරු කරන ලදී.
මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් මාලදිවයින ගුවන් තොටුපොළ සමාගම (MACL) විසින් 1 වැනි පර්යන්තය වෙත පැමිණි UL101 ගුවන් යානයේ මගීන් සහ එම පර්යන්තයෙන් පිටත්ව ගිය UL102 ගුවන් යානයේ මගීන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන් මහතා සහභාගී වූ අතර, මාලදිවයින ගුවන් තොටුපොළ සමාගමේ සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් ද මීට එක්ව සිටියහ.
කොළඹ සිට මාලේ වෙත දිනකට ගුවන් වාර තුනක් ක්‍රියාත්මක කරන ශ්‍රීලංකන් ගුවන් සේවය, රටවල් 59 ක ගමනාන්ත 117 කින් සමන්විත සිය ගුවන් මෙහෙයුම් ජාලය වෙත බාධාවකින් තොරව සිය ගුවන් මගීන් සම්බන්ධ කරයි.
ශ්‍රීලංකන් මාලේ වේලානා ගුවන්තොටුපොළේ 1 වැනි පර්යන්තයේ මෙහෙයුම් නිල වශයෙන් අරඹයි