IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


වෙළෙඳපොළ හසුරුවන ලාබ අපේක්ෂිත ගනුදෙනු

කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ (සැප් 09) පෙරවරුවේ සිදුවූ බලවත් පසුබැසීම මධ්‍යහ්නය වන විට යම් ප්‍රමාණයකින් ආවරණය කරගැනීමට සමත් වීම විශේෂ ලක්ෂණයකි. තෝරාගත් කොටස් අඩු මිල ගණන් යටතේ මිල දී ගැනීමට ආයෝජන අංශ සූදානම්ව සිටි අතර ලාබ සහිතව විකිණීමට උත්සුකවීම හේතු කොටගෙන දර්ශක පිරිහීමක් සිදු විය.

බලශක්ති, වාණිජ සේවා, ප්‍රවාහන, රථ වාහන, සිල්ලර වෙළෙඳාම සහ දේපොළ වෙළෙඳ වැනි ක්ෂේත්‍රවල කොටස් ඉල්ලුමක් තිබුණි. ප්‍රාග්ධන භාණ්ඩ, බැංකු, සෞඛ්‍ය සේවා, මෘදුකාංග හා සන්නිවේදන ක්ෂේත්‍රවල කොටස් මිල පිරිහීමක් දැකිය හැකිවිය. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙරට වාණිජ බැංකු සම්බන්ධයෙන් දක්වන අදහස් කෙසේ වෙතත් වෙළෙඳපොළ ලැයිස්තුගත වාණිජ බැංකුවල ඉකුත් කාර්තුවේ සැලකිය යුතු වර්ධනයක් පිළිබිඹු කර තිබේ. එයට අමතරව වැවිලි අපනයන අංශය ආවරණය කරන සමාගම්වල කොටස්වලට ද ඉල්ලුමක් ඇති හැකිය. පසුගිය මාස කිහිපය තුළ තේ අපනයනය වර්ධනයක් පෙන්නුම් කළ අතර රබර් හා පොල් නිෂ්පාදන අපනයනයට ද වාසි දායක තත්වයක් පැවැති බව අපනයන සංවර්ධන දත්ත අනාවරණය කරයි. මෙම පසුබිම ඉදිරියේ වැවිලි ක්ෂේත්‍රයේ සමාගම්වල ද කොටස් මිල දී ගැනීමේ තරකාරීත්වයක් ඉදිරියේ දී අපේක්ෂා කළ හැකිය. 

ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,905.83 ක් දක්වා පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 86.15 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,966.70 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 37.90 ක පහළ යාමක් සේ  වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 6.17 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 47,080 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 197.8 ක් විය. සමාගම් 93 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 165 කි. 

නිරීක්ෂක 

 



අදහස් (0)

වෙළෙඳපොළ හසුරුවන ලාබ අපේක්ෂිත ගනුදෙනු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site