IMG-LOGO

2026 මැයි මස 31 වන ඉරිදා


වාහන ලීසිං - රන් ණය උපරිම සීමා පහත හෙළයි - මහ බැංකුවෙන් බැංකු වෙත උපදෙස්

වාණිජ මෝටර් රථ සහ පෞද්ගලික මෝටර් රථ සඳහා මූල්‍ය සමාගම් හරහා ලබා දෙන උපරිම ණය සීමාව පිළිවෙලින් සියයට 60ක් සහ සියයට 40ක් ලෙස පහත හෙළීමටත්, රන් ණය සඳහා ලබා දෙන මුදල අදාළ රන් භාණ්ඩයේ වටිනාකමින් සියයට 70ක් නොඉක්මවිය යුතු බවටත් උපදෙස් ලබාදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (24) සියලුම බලපත්‍රලාභි වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ බලපත්‍රලාභී කල්බදු සමාගම් වෙත දැනුම් දී තිබේ. 
මහ බැංකු අධිපතිවරයාගේ අත්සනින් යුක්තව මෙම දැනුම් දීම නිකුත් කර තිබේ. ඒ අනුව අද (25) දිනයේ සිට ක්‍රියාත්මක වන ලෙස මෙම උපදෙස් ක්‍රියාත්මක විය යුතුබව මහ බැංකුව මෙහිදී සඳහන් කර සිටියි. විශේෂයෙන්ම මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ පද්ධතියේ අවදානම් අවම කරගැනීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව මහ බැංකුව පවසයි. 
වාණිජ මෝටර් රථ යටතට සැහැල්ලු ට්‍රක් සහ තනි කැබ් රථ කාණ්ඩත්, පෞද්ගලික මෝටර් රථ යටතට SUV, වෑන්, ත්‍රී රෝද රථ සහ අනෙකුත් වාහනත් ඇතුළත් වෙයි.
මීට පෙර වාණිජ මෝටර් රථ සහ පෞද්ගලික මෝටර් රථ සඳහා වන ණය සිමාව පිළිවෙළින් සියයට 70ක් සහ සියයට 50ක් ලෙස පැවතුණි. එසේම රන් ණය සිමාව සියයට 60ත් සියයට 80ත් අතර අගයක් ගෙන තිබුණි.



අදහස් (0)

වාහන ලීසිං - රන් ණය උපරිම සීමා පහත හෙළයි - මහ බැංකුවෙන් බැංකු වෙත උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site