IMG-LOGO

2026 සැප්තැම්බර් මස 09 වන බදාදා


වාහන මූල්‍ය පහසුකම් සැලසීමට Mahindra Ideal Finance ටොයෝටා ලංකා අත්වැල් බැඳගනී

Mahindra Ideal Finance PLC  දිවයින පුරා සිටින ටොයෝටා ලංකා පාරිභෝගිකයන් වෙනුවෙන්ම සුවිශේෂී වාහන මූල්‍ය පහසුකම් සලසා දීමට ශ්‍රී ලංකාවේ Toyota සහ HINO වාහන සඳහා මෙරට එකම නියෝජිතයා සහ බෙදාහරින්නා වන ටොයෝටා ලංකා පුද්ගලික සමාගම සමග පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. මෙම හවුල්කාරිත්වය යටතේ ටොයෝටා ලංකා සමාගමෙන් වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට MIFL හි Leasing, Ideal Draft, සහ Vehicle Loan Scheme  යන ප්‍රධාන මූල්‍ය සේවා මගින් සහනදායී පොලී අනුපාත සහ අවම සේවා ගාස්තු යටතේ මූල්‍ය පහසුකම් ලබාගත හැක.
ශ්‍රී ලංකාව පුරා ශාඛා 38 ක ජාලයකින් සමන්විත MIFL,  වාහන සහ වත්කම් මූල්‍යකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටී. මෙම හවුල්කාරිත්වයෙන් එම සේවා ටොයෝටා ලංකා බෙදාහැරීමේ ජාලය දක්වා තවදුරටත් පුළුල් කෙරේ. මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට තමන් වාහනය මිලදී ගැනීමට තීරණය කරන ස්ථානයේදීම ක්‍රමවත් මූල්‍ය පහසුකම් සෘජුවම ලබාගැනීමේ අවස්ථාව උදාවේ.
වත්තල පිහිටි ටොයෝටා ලංකා ප්‍රධාන කාර්යාලයේදී Mahindra Ideal Finance  හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෝහිත බන්දුසේන සහ ටොයෝටා ලංකා කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල යන මහත්වරුන් විසින් මෙම අවබෝධතා ගිවිසුමට නිල වශයෙන් අත්සන් තබන ලදී.
මේ පිළිබඳව අදහස් දක්වමින් MIFL කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා මෙසේ පැවසුවේය. ටොයෝටා ලංකා සමග ඇති කරගත් මෙම හවුල්කාරිත්වය අපගේ ව්‍යාපාරික ගමනේ වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. මේ හරහා වාහන මූල්‍යකරණ ක්ෂේත්‍රයේ අපගේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් වන අතරම, පාරිභෝගිකයන් තම ජීවිතයේ වැදගත්ම මිලදී ගැනීම් සිදුකරන මොහොතේදීම ඔවුන් අසලින්ම රැඳී සිටීමට අපට මෙයින් හැකියාව ලැබෙනවා. සේවා පහසුවෙන් ලබාගත හැකිවීම සහ විශ්වසනීයත්වය අපගේ ව්‍යාපාරයේ මූලික පදනම වන අතර, මෙම සහයෝගීතාවෙන් එම විශ්වාසනීය කැපවීම ටොයෝටා ලංකා පාරිභෝගික ජාලය වෙතද ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.



අදහස් (0)

වාහන මූල්‍ය පහසුකම් සැලසීමට Mahindra Ideal Finance ටොයෝටා ලංකා අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site