IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වාහන ආනයනයට ඩො.මි. 207ක ණයවර ලිපි විවෘත කරලා

විමුක්ති එස් රුද්‍රිගු

මෙරට වාහන ආනයනකරුවන් මේ වන විට මෝටර් රථ ආනයනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 207ක ණයවර ලිපි විවෘත කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විවෘත කරන ණයවර ලිපි ප්‍රමාණය සෑම දිනකම නිරීක්ෂණය කරන බවද ජනාධිපතිවරයා එහිදී පැවැසුවේය. පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ අවසන් දිනයේදී ඔහු මෙම අදහස් පළ කළේය. රජය වාහන ආනයනය අනපේක්ෂිත අයුරින් ඉහළ යනු ඇතැයි බියක් තිබුණ බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි 1 වැනිදා වසර 5 කට පසුව වාහන ආනයන සීමා ඉවත් කළ අතර එහිදී වාහන ආනයන සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් පනවනු ලැබුවේය. වාහන සඳහා පැනවූ බදු ප්‍රතිශත පාර්ලිමේන්තුවේද විවේචනයට ලක්විය.

 



අදහස් (0)

වාහන ආනයනයට ඩො.මි. 207ක ණයවර ලිපි විවෘත කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site