මනෝප්‍රිය ගුණසේකර
ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවලට අදාළ අධිභාර සහ රේගු ගාස්තු පිළිබඳ නව ගැසට් නිවේදනය හෙට (24) නිකුත් කෙරේ. මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා ඒ බව අභියාචනාදීකරණයට දැනුම් දුන්නේය.
ණයවර ලිපි මෙරට දී විවෘත කර වෙනත් රටකින් ආනයනය කළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වාහන ආනයනකරුවන් ගොනුකර තිබූ පෙත්සම් 15 ක් කැඳවනු ලැබු අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ට මෙම කරුණු සඳහන් කළේය.
වාහන ආනයනයට අදාළ අධිභාර සහ රේගු ගාස්තු නව ගැසට් නිවේදනය හෙට
ප්‍රේමසිරි දහනායක Tuesday, 23 December 2025 07:39 AM
අය කිරීම හොදයි... එක් එක් වාහනයන් සදහා අය කරන බදු පිළිබදව පැහැදිලි කරන්න.