IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


වසර 401 කට පසුව ඩෙන්මාර්ක තැපැල් සේවය ලියුම් බෙදීම සම්පූර්ණයෙන්ම නවතා දමයි

  • පසුගිය වසර වනවිට ආදායම කෝටි 1.10 දක්වා පහළ වැටිලා

විමුක්ති එස් රුද්‍රිගු


වසර 401 කට පසුව ඩෙන්මාර්ක තැපැල් සේවය ලියුම් බෙදීම සම්පූර්ණයෙන්ම නවතා දමමින් සම්පූර්ණයෙන් ඩිජිටල්කරණයට ලක්ව ඇත. ඒ සමග ඩෙන්මාර්කයේ ලිපි ලිවිම සම්පූර්ණයෙන් නතර වනු ඇති බවත් ලියුම් බෙදීම නතර කර දැමූ ලොව ප්‍රථම රට ඩෙන්මාර්කය බවට පත්වනු ඇති බවත් පැවැසෙයි.
පසුගිය වසර 25 පුරාවට ඩෙන්මාර්කයේ ලිපි හුවමාරුව ශීඝ්‍රයෙන් පහළ වැටි තිබෙන බවද එරට තැපැල් සේවය ප්‍රකාශ කළේය. 2000 වසරේදී ලිපි කෝටි 150 ක් හුවමාරු වී තිබෙන බවත් එය පසුගිය වසර වනවිට කෝටි 1.10 දක්වා පහළ වැටි තිබෙන බවත් ඩෙන්මාර්ක තැපැල් සේවය පැවැසුවේය. සාමාන්‍ය ලිපියක් යැවීමට ඩෙන්මාර්ක වැසියකුට ඇමෙරිකානු ඩොලර් 6.84 (ශ්‍රී ලංකා රුපියල් 2000 ක් පමණ) ක මුදලක් වැයවන බවද එරට තැපැල් සේවය ප්‍රකාශ කළේය.
ලියුම් බෙදීම නතර කිරීමත් සමග ඩෙන්මාර්ක වැසියන් 1500 කට පමණ රැකියා අහිමි වනු ඇති බවත් ඉදිරියට පාර්සල් බෙදා හැරීම ගැන පමණක් අවධානය යොමු කිරීමට තීරණය කර තිබෙන බවත් ඩෙන්මාර්ක තැපැල් සේවය පැවැසුවේය.

 



අදහස් (0)

වසර 401 කට පසුව ඩෙන්මාර්ක තැපැල් සේවය ලියුම් බෙදීම සම්පූර්ණයෙන්ම නවතා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site