විමුක්ති එස්.රුද්‍රිගු
විදේශීය ගැනුම්කරුවන්ට සහ ආයෝජකයන්ට මෙරට ඇති අවස්ථා පෙන්වා දෙන ”එක්ස්පෝ 2026” ප්‍රදර්ශනය සඳහා සූදානම් වීමේ කටයුතු ආරම්භ කළ බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
වසර 14 කට පසුව ප්‍රදර්ශනය පැවැත්වෙන බවත් 1500 කට අධික පිරිසක් ”එක්ස්පෝ 2026” සඳහා සහභාගී වෙතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවැසුවේය. ඉදිරියේදී සෑම වසර දෙකකට සැරයක් පැවැත්වීමට අදහස් කරන බවත් ඔහු සඳහන් කළේය. එහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විදෙස් ආයෝජකයන් මුණ ගැසීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහාය වනු ඇතැයිද ඔහු පැවැසුවේය.
”එක්ස්පෝ 2026” ප්‍රදර්ශනය එළැඹෙන වසරේ ජූනි 18 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
වසර 14කට පසු ‘‘එක්ස්පෝ” ප්‍රදර්ශනයට සැරසේ