මෙරට ප්‍රධානතම නිර්මාණාත්මක වෙළෙඳ දැන්වීම්කරණ ආයතනයක් වන TBWA\Sri Lanka විසින් පසුගියදා පැවති ආසියානු කලාපයේ දැවැන්තම සම්මාන ප්‍රදානෝත්සවයක් වන කැම්පේන් ඒෂියා පැසිෆික් (Campaign Asia-Pacific Awards) හිදී “වසරේ හොඳම නිර්මාණාත්මක සන්නිවේදන දැන්වීම්කරණ ආයතනය - රජත සම්මානය” දිනා ගැනීමට සමත් විය.
Campaign Asia-Pacific සම්මාන ප්‍රදානෝත්සවය වෙළෙඳ දැන්වීම්කරණ සහ අලෙවි සන්නිවේදන ක්ෂේත්‍රයන්හි නියැලෙන ආයතනවල විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන ආසියානු කලාපයේ ප්‍රමුඛතම සම්මාන ප්‍රදානෝත්සවය වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතමයන් අතරට එක් වීම TBWA\Sri Lanka ආයතනය විසින් ක්ෂේත්‍රයේ අත්පත් කරගෙන ඇති දැවැන්ත සාර්ථකත්වය මනාව පෙන්වා දෙන්නකි.
මෙම සම්මානය සඳහා සලකා බැලීමේදී දැන්වීම්කරණ ආයතන විසින් අංශ ගණනාවක දක්වා ඇති සාර්ථකත්වය සලකා බලන අතර, ඊට දැන්වීම්කරණයේ නිර්මාණාත්මක බව, නව්‍යකරණය, ව්‍යාපාර සාර්ථකත්වය, සේවාලාභියාගේ ව්‍යාපාර සාර්ථකත්වය, ආයතනික සංස්කෘතිය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ සමස්ත ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට ලබා දී ඇති දායකත්වය වැනි අංශ අයත් වේ.
“නිර්මාණාත්මක සන්නිවේදනය සම්බන්ධයෙන් අපේ දැක්ම Disruption යන තනි වචනයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්, සරල නමුත් ගැඹුරු සංකල්පයක්. සම්ප්‍රදායික අවබෝධයට අභියෝග කරමින් පැරණි අදහස් අලුත් ඇසකින් දකිමින්, අපි සේවය සපයන සන්නාමවලට නව දැක්මක් සහ අරමුණක් ලබා දීම අපේ ක්‍රමයයි. අපේ නිර්මාණාත්මක දැන්වීම්කරණය සුවිශේෂී වන්නේ නිර්මාණශීලීත්වය නිසා පමණක් නෙවෙයි. සාර්ථක ව්‍යපාර ප්‍රතිඵල ලබා දීමත් ඊට හේතුවක්.
මෙම සම්මානය අපේ ප්‍රවේශය හරහා ක්ෂේත්‍රයේ අපි අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය පැහැදිලිව තහවුරු කරන සම්මානයක්. මේ අවස්ථාවේදී මම මෙම සාර්ථකත්වය අත්පත් කර ගැනීම සඳහා කැපවීමෙන්, නොසැලෙන ධෛර්යයෙන් සහ දැවැන්ත උද්යෝගයකින් කටයුතු කළ TBWA\Sri Lanka කණ්ඩායමට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් TBWA\Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂිකා රේණුකා මාර්ෂල් මහත්මිය පැවසුවාය.
TBWA\Sri Lanka ආයතනය ජාත්‍යන්තර වෙළෙඳ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතන ජාලයක් වන TBWA Worldwide හි සාමාජිකයෙක්. TBWA Worldwide වෙතින් අපට ලැබෙන දැවැන්ත නිර්මාණාත්මක ආභාෂය සහ දැනුම ශ්‍රී ලාංකීය වෙළෙඳ දැන්වීම්කරණ ක්ෂේත්‍රය තුළ අපි ලබා ගෙන ඇති සාර්ථකත්වයට මූලික හේතුවක්.
මෙම සම්මානය එම ජාත්‍යන්තර මට්ටමේ දැනුම, නිර්මාණාත්මක චින්තනය සහ උපාය මාර්ගික හැකියාවන් යොදා ගෙන දේශීය දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ අපි අත්පත් කරගත් ජයග්‍රහණවලට ලැබෙන ජාත්‍යන්තර පිළිගැනීමක්.
ශ්‍රී ලංකාවේ දැන්වීම්කරණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට උසස් කිරීමට අපට හැකිව තිබෙන බව මෙම සම්මානයෙන් තහවුරු වෙනවා.” යැයි මේ පිළිබ`ඳව අදහස් දක්වමින් TBWA\Sri Lanka ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඩ් ටී. හසන් මහතා පැවසීය.
වසරේ හොඳම නිර්මාණාත්මක දැන්වීම්කරණ ආයතනයට හිමි කැම්පේන් ඒෂියා පැසිෆික් - රජත සම්මානය TBWA\Sri Lanka සමාගමට