IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


වසරේ මේ දක්වා රේගු ආදායම රුපියල් මිලියන 337ක් ඉක්මවයි

  • පෙබරවාරියේ මෙතෙක් ආදායම ඇස්තමේන්තුගත ආදායමට වඩා රු.මි. 60ක් අඩුයි

2026 වසරේ ජනවාරි 01 සිට පෙබරවාරි 12 වැනිදා දක්වා කාලය තුළ හිමි වුණු රේගු ආදායම රුපියල් මිලියන 337.84ක් (337,844,000ක්) බව ශ්‍රී ලංකා රේගුව පවසයි. එහිදී ජනවාරි මාසයේදී හිමි කරගත් රුපියල් මිලියන 232.55 (232,558,000) සහ පෙබරවාරි මාසයේදී මේ දක්වා හිමි කරගත් රුපියල් මිලියන 105.28 (105,286,000) ක ආදායම්ද සමගින් මෙම ආදායම් සටහන්ව තිබේ. 

කෙසේ වෙතත් පෙබරවාරි මාසය තුළ මේ දක්වා රැස් කරගැනීමට ඇස්තමේන්තු කර තිබූ රුපියල් මිලියන 165.94 (165,945,000 ක) ආදායම් හා සැලකීමේදී මෙතෙක් හිමිව ඇති ආදායම සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.  විශේෂයෙන්ම ජනවාරි මාසයේදී ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 160.24 ක (160,242,000ක) ආදායම සැලකීමේදී රුපියල් මිලියන 232.55 ක (232,558,000ක) සැබෑ ආදායමක් රැස් කරගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් විය. 

ශ්‍රී ලංකා රේගුව මෙම වසර තුළ රුපියල් බිලියන 2,206.99 ක ආදායම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඉන් රුපියල් මිලියන 337ක් මුල් දින 43 කදී රැස් කර ගැනීමට ඔවුන් සමත්ව තිබේ. 2025 වසරේදී ශ්‍රී ලංකා රේගුව වාර්තාගත ලෙස රුපියල් බිලියන 2,557.53 ක ආදායමක් රැස් කරගැනීමට සමත් විය.



අදහස් (0)

වසරේ මේ දක්වා රේගු ආදායම රුපියල් මිලියන 337ක් ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site