IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වසරේ මුල් මාස දහයේ සංචාරක පැමිණීමේ සියයට 16.7ක වර්ධනයක්

  • ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සංචාරක ආදායම රු. මිලියන 2,473ක් දක්වා සුළු වැඩිවීමක් 
  • ඔක්තෝබර් මාසයේදී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 165,193ක්

භානුක අමරසිංහ


2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මාස දහයක කාලය තුළදී මෙරට සංචාරක පැමිණීම් 1,890,687ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ එම කාලසීමාවේදී පැමිණි සංචාරකයන් 1,620,715 හා සැසඳීමේදී සංචාරකයන් 269,972 ක එනම් සියයට 16.7 ක වර්ධනයකි. 

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව මහ බැංකුව මගින් නිකුත් කළ වාර්තාවක මෙම කරුණු සටහන්ව තිබේ. 

මෙහිදී 2025 ඔක්තෝබර් මාසයේදී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 165,193ක් ලෙස සටහන්ව තිබෙන අතර, එය 2024 ඔක්තෝබරයේ පැමිණි සංචාරකයන් 135,907 හා සාපේක්ෂව සංචාරකයන් 29,286ක ඉහළ යාමකි. 

මේ අතර 2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස නවයක කාලය තුළදී සංචාරක කර්මාන්තය හරහා මෙරටට හිමි වූ ආදායම රුපියල් මිලියන 2,472.9 ක් ලෙස සටහන්ව තිබේ. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී ලැබුණු රුපියල් මිලියන 2,348 හා සැසඳීමේදී සියයට 5.3ක වර්ධනයකි. 

මෙහිදී රුපියල් වටිනාකම අනුව මේ වසරේ මුල් මාස නවය තුළදී රුපියල් බිලියන 738.4ක සංචාරක ආදායමක් හිමිව ඇති අතර, එය පෙර වසරේ එම කාලසීමාවේදී හිමි වූ රුපියල් බිලියන 719.9 හා සැසඳීමේදී සියයට 2.6 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.

කෙසේ වෙතත් ගතවුණු කාලසිමාවේදී වාර්තා වී ඇති මෙම සංචාරක පැමිණීම් සහ එම සංචාරකයන් හරහා හිමිවුණු ආදායම රජයේ බලාපොරොත්තු ආදායමට වඩා ඉතා අඩු අගයක පවතින බව විශ්ලේෂකයෝ සඳහන් කරති.



අදහස් (0)

වසරේ මුල් මාස දහයේ සංචාරක පැමිණීමේ සියයට 16.7ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site