IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 70.4 ක සුරාබදු ආදායමක්

  • ඉලක්කය වූ රු. බි. 61.95ට  සාපේක්ෂව සියයට 113.6ක  ඉහළ අගයක්
  • මේ වසරේ සුරාබදු ආදායම්  ඉලක්කය රු. බි. 245ක්
සුරාබදු දෙපාර්තමේන්තුව මගින් මේ වසරේ පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 70.4 ක සුරාබදු ආදායමක් උපයාගෙන ඇතැයි පවසයි. ඒ අනුව මෙය අදාළ කාලසීමාව සඳහා ලබා දී තිබූ රුපියල් බිලියන 61.95ක ඉලක්කයට සාපේක්ෂව සියයට 113.6 ක ඉහළ අගයක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම මෙම ආදායම 2025 වසරේ පළමු කාර්තුවේදී රැස් කරගත් ආදායමට සාපේක්ෂව සියයට 114.8ක වර්ධනයකි.
විශේෂයෙන්ම නව රජයේ නිසි මගපෙන්වීම සහ සියලු‍ ශ්‍රේණිවල සුරාබදු නිලධාරීන්ගේ පූර්ණ කැපවීම හේතුවෙන් මෙම ප්‍රගතිය අත්කර ගැනීමට හැකි වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා පවසා සිටියි.
මේ අතර 2026 වසර සඳහා රජය විසින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 245ක් ලෙසත් සඳහන් වෙයි.



අදහස් (0)

වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 70.4 ක සුරාබදු ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site