IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


විෂන් කෙයා නවතම ශාඛාව අම්බලන්තොටදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, පාරිභෝගිකයන් වෙත තව තවත් සමීප වෙමින් දිවයිනේ සියලු‍ම ප්‍රදේශ ආවරණය වන පරිදී උසස් තත්වයේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ව්‍යාප්ත කිරීමට දරන උත්සාහයේ තවත් එක් පියවරක් සනිටුහන් කරමින් සිය නවතම ශාඛාව, අංක 52, තංගල්ල පාර, අම්බලන්තොට යන ලිපිනයෙහි පසුගියදා විවෘත කළේය. 
මෙම නව ශාඛාව විවෘත කිරීමට සමගාමීව අම්බලන්තොට සහ අවට ප්‍රදේශවාසීන් වෙනුවෙන් නව ශාඛා පරිශ්‍රයේ දී නොමිලේ අක්ෂි සහ ENT සෞඛ්‍ය කඳවුරක් ද පවත්වන ලදී. 
සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුළුව විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා, කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා සහ විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයෝ එක්ව සිටියහ. අම්බලන්තොට නගරයේ පිහිටා ඇති මෙම නව ශාඛාව ප්‍රමාණවත් තරම් වාහන නැවැත්වීමේ පහසුකම් සමගින් වඩා ඉඩකඩ සහිතව සකසා ඇති අතර ඇස් කණ්නාඩි, අව් කණ්ණාඩි සහ අක්ෂි කාච ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන හා සේවාවලින් සමන්විතයි.



අදහස් (0)

විෂන් කෙයා නවතම ශාඛාව අම්බලන්තොටදී විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site