IMG-LOGO

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා


විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු නියෝග සම්මතයි

අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ


විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග ඇතුළු තවත් පනත් දෙකක් සම්බන්ධ නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (9) සම්මත විය.

ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන ද මෙහිදී සම්මත විණි.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සම්මත කර ගැනීමේ විවාදය අමතමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූයේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ ස්ථාවර බදුවලින් පීඩාවට පත්වන දේශීය ගොවි, පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා බවයි.

රටේ පවතින වාතාවරණය යටතේ ගොවි සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම සඳහා මාස හයකට වරක් මෙම බදු නියෝග ඉදිරිපත් කෙරෙන බවද අමාත්‍යවරයා කීය.

සතොස ආයතනයේ පාරිභෝගික භාණ්ඩ තිස් අටකින් අටක පමණක් මිල වැඩිවීම් සිදුවී තිබෙන අතර සෙසු භාණ්ඩවල මිල අඩුවී තිබෙන්නේ යැයිද උදාහරණයක් ලෙස ලොකු ලු‍නු මිල 241කින් අඩුවී තිබෙන බවද සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.



අදහස් (0)

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු නියෝග සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site