IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණයට සීමිත වගකීම් සමාගමක්

නිමල කොඩිතුවක්කු
විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම පිණිස සීමිත වගකීම් සමාගමක් සංස්ථාගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගොවිපොළ හෝ කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීම, මිල දී ගැනීම, ගබඩා කිරීම සහ බෙදාහැරීම සඳහා අවශ්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් සැපයීම පිණිස විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 18 ක් මේ වන විට ස්ථාපිත කර ඇත.
ඒ අතුරින් වවුනියාව, කිලිනොච්චිය, යාපනය සහ මඩකලපුව හැර අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන 14 දැනට ක්‍රියාත්මකව පවතී.
එම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය 2006-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපතිගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන සහ වෙළෙඳ සංගම්වල නිල බලයෙන් පත්වන සාමාජිකයන්ගෙන් සමන්විත කළමනාකරණ භාරයක් මගින් සිදු කරනු ලබයි.
මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරික ක්‍රියාකාරකම් සාර්ථකව සහ තිරසරව සිදුකිරීම සඳහා මධ්‍යගත, නෛතිකව පිළිගත හැකි සහ වගවීම සහිත ආයතනික සැකැස්මක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
 ඒ අනුව, විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම, පුළුල් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සීමිත වගකීම් සමාගමක් ස්ථාපිත කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණයට සීමිත වගකීම් සමාගමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site