IMG-LOGO

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා


වැලිමඩ දී සිසු සිසුවියන් 77 දෙනකුට “සරුබිම” ශිෂ්‍යත්ව

 


වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රී

කාර්ගිලිස් පෞද්ගලික සමාගමට එළවළු, පලතුරු හා දියර කිරි අලෙවි කරන්නන්ගේ පාසැල් දරුවන්ට ශිෂ්‍යත්ව පිරි නැමීම උදෙසා පිහිටුවා තිබෙන “සරුබිම’’ සමාජ සත්කාර වැඩ සටහනට අනුව (2026 වසරේ) වැලිමඩ ආශ්‍රිත පාසැල් දරුවන් හා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 77 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමීම බොරලන්ද වංගියකුඹුර ස්වර්ණ හංස ප්‍රාථමික පාසැලේදී ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු හා කර්ගිලිස් සමුහ ව්‍යාපාරයේ සමුහ කළමනාකාර හරිදාස් ප්‍රනාන්දු යන මහත්ම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

බොරලන්ද වංගිය කුඹුර ස්වර්ණ හංස ප්‍රාථමික පාසැලේදී පැවති මෙම උත්සවය කාර්ගිලිස් “සරුබිම’’ ගොවි සංවිධානය විසින් සංවිධානය කර තිබුණි. කාර්ගිලිස් සමුහ ව්‍යාපාරයට එළවළු හා පලතුරු සපයන ගොවීන්ගේ නිෂ්පාදන අලෙවියේදී කිලෝවකට ශත 50ක් හා දියර කිරි ලීටරයකින් ශත 50 ක් ලෙසින් එකතුකරමින් ආරම්භ කර තිබෙන මෙම “සරුබිම’’ ගිණුම ඔස්සේ මෙම ශිෂ්‍යත්ව පිරි නැමීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.

මෙම ශිෂ්‍යත්ව නැමීමේදී පහ වසර ශිෂ්‍යත්ව සමතුන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමතුන්ට අමතරව විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ට පරිගණක ලබා දීමට අමතරව, පාසැල් 04 ට ස්මාට් සුහුරු තාක්ෂණික කාමර, ස්වේච්ඡා සමිති හතරකට උපකරණ බෙදාදීම සිදුවිය.



අදහස් (0)

වැලිමඩ දී සිසු සිසුවියන් 77 දෙනකුට “සරුබිම” ශිෂ්‍යත්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site