IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


වැලිබල් ෆිනෑන්ස් හිමිකම් නිකුතුවකින් රුපියල් බිලියන 2ක් රැස් කරගැනීමට යයි

  • නිකුතුව සඳහා ​මහ බැංකුවේ අනුමැතිය 

භානුක අමරසිංහ 


වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන සිය හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියන 2ක මුදලක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් අටක් සඳහාම අලු‍තින් එක් කොටසක් බැගින් නිකුත් කරන බව සඳහන් වෙයි. 

මෙහිදී නිකුත් කෙරෙන නව කොටස් සංඛ්‍යාව 29,431,675ක් වන අතර, එක් කොටසක් රුපියල් 72.00 ක් බැගින් සමස්ත නිකුතුවෙහි වටිනාකම රුපියල් 2,119,080,600ක් ලෙස සටහන්ව තිබේ. 

මෙලෙස රැස් කරගන්නා මුදල් සමාගමේ අදියර 1 ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරගැනීම සහ සමාගමේ පුළුල් වීම අරමුණු කරගනිමින් සිදු කරන බව පවසයි. එසේම මහ බැංකුව මගින් ලබාදී ඇති ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතා පවත්වා ගැනීමටද මෙම මුදල් යෙදා ගන්නා බව සමාගම පවසයි.

මෙම නිකුතුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනවාරි 16 දා අනුමැතිය ලබා දී තිබෙන අතර, කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය ඊට හිමිවිය යුතුව ඇත. එසේම ඉදිරියේදී පැවැත්වෙන අතිවිශේෂ මහා සභා රැස්විමකදී කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද ඊට ලබාගන්නා බව සමාගම පවසයි.



අදහස් (0)

වැලිබල් ෆිනෑන්ස් හිමිකම් නිකුතුවකින් රුපියල් බිලියන 2ක් රැස් කරගැනීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site