IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


වැලිබල් වන් සමාගමට නව අධ්‍යක්ෂවරු

අනුර ප්‍රනාන්දු


 

 

මනිල් ජයසිංහ


 

 

රොමානි පරාක්‍රම


 


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන වැලිබල් වන් පීඑල්සී සමාගම වෙත නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු පත් කර ගත් බව එම සමාගම නිවේදනය කරයි. 

ඒ අනුව මනිල් ජයසිංහ, අනුර ප්‍රනාන්දු, රොමානි පරාක්‍රම සහ කමනි වීරසිංහ යන මහත්ම මහත්මීන් මෙලෙස පත් කරගෙන තිබේ. 

මෙහිදී පසුගිය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සිව්දෙනා ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත් කර ගත් බව සමාගම පවසයි. 

මේ අතරින් මනිල් ජයසිංහ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ හිටපු සභාපතිවරයකුද වෙයි. වසර 41කට අධික කාලයක් පුරා උපදේශකයකු සහ කර්මාන්තයේ ප්‍රවීණයකු ලෙස ඒ මහතා කටයුතු කරයි. එසේම ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක්ද වෙයි. 

අනුර ප්‍රනාන්දු මහතා මීට පෙර සේබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. 

රොමානි පරාක්‍රම මහත්මිය 2017 වසරේ සිට මේ දක්වා ඇසෙට්ලයින් කෝපරේට් සර්විසස් (පෞද්.) සමාගම, ඇසෙට්ලයින් කැපිටල් (පෞද්.) සමාගම යන සමාගම්හි සභාපතිනිය ලෙස කටයුතු කරයි. 

කමනි වීරසිංහ මහත්මිය ජ්‍යෙෂ්ඨ මූල්‍ය වෘත්තිකයකු ලෙස වසර 30කට අධික කාලයක අත්දැකීම් සහිතය. ඇය අවසන්වරට ජෝන් කීල්ස් සමූහයෙහි සේවය කළාය. 

මෙම නව පත් කිරීම් හතරත් සමගින් වැලිබල් වන් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ධම්මික පෙරේරා (සභාපති), හර්ෂ අමරසේකර (සම සභාපති), වයි. භාස්කරන්, සුමිත් ආදිහෙට්ටි, කේ. අමරසිංහ, කේ.ඒ.ඩී.බී. පෙරේරා, මනිල් ජයසිංහ, අනුර ප්‍රනාන්දු, රොමනි පරාක්‍රම සහ කමනි වීරසිංහ යන පිරිසගෙන් සමන්විත වෙයි.



අදහස් (0)

වැලිබල් වන් සමාගමට නව අධ්‍යක්ෂවරු

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site