IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


වෙල්ත්ට්‍රස්ට් සෙකියුරිටීස් වෙතින් රු.මි.500ක මූලික මහජන කොටස් නිකුතුවක්

භානුක අමරසිංහ 


ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු වන වෙල්ත්ට්‍රස්ට් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ මූලික මහජන කොටස් නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. 
මෙම නිකුතුව සහ එලෙස නිකුත් කෙරෙන කොටස් කොළඹ කොටස් හුවමාරුවේ දිරිසවි පුවරුවෙහි ලැයිස්තුගත කිරීම සඳහා වන අනුමැතිය ද කොළඹ කොටස් හුවමාරුව මගින් පසුගිය දා ලබා දී තිබේ.
මෙහිදී සමාගම මගින් සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 71,548,244ක් මිලදී ගැනීම සඳහා නිකුත් කරන අතර, එහිදී කොටසක වටිනාකම රුපියල් 7.00 කි. ඒ අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කිරීමට බලාපොරොත්තු වන මුදල රුපියල් මිලියන 500.8 ක් වෙයි.
මෙලෙස රැස් කරගන්නා මුදල් සමාගමේ මූලික ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා යොදාගන්නා බව වෙල්ත්ට්‍රස්ට් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම පවසයි.

 



අදහස් (0)

වෙල්ත්ට්‍රස්ට් සෙකියුරිටීස් වෙතින් රු.මි.500ක මූලික මහජන කොටස් නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site