IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


වරාය අධිකාරියේ නව සභාපති ලැයිස්තුගත සමාගම් හතරක ධුරවලින් ඉවත් වෙයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පසුගියදා වැඩ භාරගත් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා තමන් අධ්‍යක්ෂ මණ්ඩල ධුර හෙබවූ ලැයිස්තුගත සමාගම් හතරකින් ඉවත්ව ඇතැයි පවසයි. එම සමාගම් පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත මේ පිළිබඳව අනාවරණය කර තිබේ. 
ඒ අනුව දිසානායක මහතා සභාපති ධුරය හෙබවු ඇල්පිටිය ප්ලාන්ටේෂන් සමාගමෙන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුව සිටි බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී, එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම්වලින් මෙලෙස ඉවත් වන බව සඳහන් වෙයි. 
ලබන මාර්තු 31 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා එම ධුරවලින් ඉවත් වන බව දැනුම් දී තිබේ. දිසානායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි සභාපතිවරයා ලෙස පත් වූයේ තෙවැනි වරටයි.

 



අදහස් (0)

වරාය අධිකාරියේ නව සභාපති ලැයිස්තුගත සමාගම් හතරක ධුරවලින් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site