IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වර්ධනය සම්බන්ධ සාධක: ආයෝජන අංශවල අවධානය

අය වැය යෝජනාවලින් පනවන ලද බදු ආර්ථිකයට බලපාන ආකාරය ගැන නිරීක්ෂණ සමග කොටස් වෙළෙඳාම වර්ධනය තාවකාලිකව බ්‍රමාද වෙමින් තිබේ. වැවිලි සමාලම්වල වැටුප් වැඩිකිරීමේ යෝජනාව ගැන පවතින විවාදය ද ගනුදෙනුවලට හිතකර සේ බලපා නැත. වැවිලි සමාගම්වල කොටස් මිල උච්ඡාවචනය වෙමින් පවතී. විකිණීම් බහුලය. විශ්වාසනීයත්වය සඳහා කල්ගත වන බවක් නිරීක්ෂණය වේ. 

එන්.ඩී.බී. බැංකුව හරිත ණයකර වශයෙන් සඳහන් රු. මිලියන 160 මුදලක් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඔස්සේ ලබාගැනීමට තීරණය කර තිබේ. ඒෂියා සියාකා කොටසකට ශත 35 ක් හා කොමර්ෂල් ඩිවෙලොප්මන්ට් කොටසකට රු. 3.00 ක් ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. 

ඉකුත් සිකුරාදා (ඔක් 13) ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,459.75 ක් තෙක් පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 1.71 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,435.93 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 22.22 ක පහළ යාමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 5.62 කි. ගනුදෙනු 41,871 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 218.7 ක් විය. සමාගම් 142 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 112 කි. ගනුදෙනු අතරවාරයේ වර්ධනයක් තිබුණු නමුත් විකිණීමේ ප්‍රවණතාව හේතුකොටගෙන එය මගහැරිණි.

ප්‍රවාහන, වාණිජ සේවා, සිල්ලර පාරිභෝගික ද්‍රව්‍ය, ආහාර පාන, ගෘහ මෙවලම්, සෞඛ්‍ය හා සනීපාරක්ෂක වැනි ක්ෂේත්‍රවලට අයත් සමාගම්වල වර්ධනයක් අද දිනයේ දි අපේක්ෂා කළ හැකිය. විදේශ මිල දී ගැනීම් රු. මිලියන 136.5 ක් වූ අතර විදේශ විකිණීම් රු. මිලියන 142.6 කි. ශුද්ධ ආදායම් අහිමිවීමක් රු. මිලියන අටක් වශයෙන් දැක්වේ. ඉකුත් සතිය පුරා පවතින විකිණීම් විදේශ සහභාගීත්වයෙහි දුබල බව දක්වයි. 

හේමාස් හෝල්ඩිං රු. මිලියන 388 ක්, රේණුකා ඇග්‍රී රු. මිලියන 348 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 334 ක්, සියෙරා කේබල් රු. මිලියන 211 ක්, සම්පත් බැංකුව රු. මිලියන 188 ක්, හැටන් නැෂනල් රු. මිලියන 163 ක්, ආදී වශයෙන් වැඩිම පිරිවැටුමක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

වර්ධනය සම්බන්ධ සාධක: ආයෝජන අංශවල අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site