IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ව්‍යාපාරික අංශයේ මූල්‍ය විෂමාචාර මැඩපැවැත්වීමට නව නීති


විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයේ මූල්‍ය විෂමාචාර මැඩපැවැත්වීම අරමුණු කරගත් නව නීති ප්‍රතිසංස්කරණයක් පසුගිය 15 වැනිදා සිට ක්‍රියාත්මක වී ඇති අතර, ඒ යටතේ අරමුදල් නොමැතිව චෙක්පත් නිකුත් කිරීම සඳහා දැඩි දඬුවම් හඳුන්වා දී ඇත.

එහිදී චෙක්පත් ආශ්‍රිතව සිදුකරන වැරදිවලට අගරු වූ චෙක්පතේ සඳහන් මුදලට සමාන දඩ මුදලක්, වසර දෙකක් දක්වා සිර දඬුවමක් හෝ දෙකම නියම කිරීමට 2025 අංක 13 දරන විනිමය බිල්පත් (සංශෝධන) පනත මගින් අධිකරණය බලය ලබාදී තිබේ.

නව විධිවිධාන යටතේ, ගිණුමේ අරමුදල් නොමැතිව චෙක්පත් නිකුත් කිරීම, ණය අයිරා පහසුකම ඉක්මවා තිබියදී චෙක්පත් නිකුත් කිරීම, වැසූ ගිණුමකින් චෙක්පත් නිකුත් කිරීම සහ නීතිමය වලංගුභාවයක් සහිත හේතුවක් ක්‍රියාවලට දැඩි දඬුවම් නියම කිරීමට අධිකරණය බලය ඇත.



අදහස් (0)

ව්‍යාපාරික අංශයේ මූල්‍ය විෂමාචාර මැඩපැවැත්වීමට නව නීති

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site