IMG-LOGO

2026 අප්‍රේල් මස 20 වන සඳුදා


වින්ඩ්ෆෝර්ස් හි රුපියල් බිලියන 4ක ණයකරයට ෆිච් වෙතින් A ශ්‍රේණියක්

වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 4ක් වටිනා ණයකරය වෙත ජාතික දිගුකාලීන A ශ්‍රේණියක් ලබා දෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි. 
ලැයිස්තුගත, වර්ග කෙරුණු, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි හරිත බැඳුම්කරයක් ලෙස සිදුකරන මෙම නිකුතුවේදී ණයකර කොටස් මිලියන 40ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. එහිදී එක් කොටසක් රුපියල් 100ක් බැගින් නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 4 කි. 
මෙහිදී අදාළ ශ්‍රේණිගත කිරීම වින්ඩ්ෆෝර්ස් සමාගම වෙත ලබා දී ඇති ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම වන A+ ට වඩා පහළ මට්ටමක් ගන්නා බවත් ෆිච් රේටින්ග්ස් පවසයි. කෙසේ වෙතත් මෙම ශ්‍රේණිය ලබාදීම මගින් වින්ඩ්ෆෝර්ස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති උත්පාදකයකු ලෙස සිදුකරන වර්ධනය පිළිබිඹු වන බවත් පවසයි. 



අදහස් (0)

වින්ඩ්ෆෝර්ස් හි රුපියල් බිලියන 4ක ණයකරයට ෆිච් වෙතින් A ශ්‍රේණියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site