
භානුක අමරසිංහ
මෙරට ලැයිස්තුගත ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති උත්පාදන සමාගමක් වන වින්ඞ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ, කාෆු දූපත් සමූහයට අයත් ජෝයි දුපත්හි සිදු කළ 432.2 2kWp ධාරිතාවක් සහිත වහලමත සවි කළ සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතියේ මෙහෙයුම් සාර්ථකව ආරම්භ කළ බව පවසයි.
පසුගිය දෙසැම්බර් 13 වැනිදා එම කටයුතු සිදුව තිබේ. එම සමාගම පසුගිය ජූලි මාසයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව පළමුවරට අනාවරණය කළේය. කෙසේ වෙතත් සිය ගනුදෙනුකරු විසින් වෙනස් කරන ලද අවශ්‍යතාවලට අනුව එම ව්‍යාපෘතියේ ධාරිතාව මෙලෙස 432.2kWp ලෙස වෙනස් වූ බවත්, ඒ අනුව ව්‍යාපෘතියේ පිරිවැය එක්සත් ජනපද ඩොලර් 321,000 ක් බවට පත්ව ඇතැයිද සමාගම සඳහන් කරයි.
වින්ඩ්ෆෝර්ස් මාලදිවයින් සූර්ය පැනල ව්‍යාපෘතියේ මෙහෙයුම් අරඹයි