IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විදෙස් සංචාරකයන්ට හෙළ වෙදකම් කරන්න නිර්වාණ ආයුර්වේද මධ්‍යස්ථානයක් කුරැඳුගහහැතැප්මේ

 


කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත


මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට හෙළ වෙදකම් කිරීමේ අරමුණින් ඇල්පිටිය, ඇල්ල පාර, කුරුඳුගහහැතැප්මේ ඉදිකෙරුණු නිර්වාණ ආයුර්වේද පෞද්ගලික මධ්‍යස්ථානයක් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

මේ පෞද්ගලික ආයුර්වේද මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස වෛද්‍ය හසින්ත හේවාවසම් මහතා කටයුතු කරයි.

විදෙස් සංචාරකයන්ට මනාව ගැළපෙන අයුරින් මේ ආයුර්වේද මධ්‍යස්ථානය ඉදිකොට තිබේ.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර එහි මුල්ම ආයුර්වේද ප්‍රතිකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරණ මහතාට ලබාදීමෙන් අනතුරුව මේ මධ්‍යස්ථානය ප්‍රතිකාර සඳහා විවෘත කෙරිණ.



අදහස් (0)

විදෙස් සංචාරකයන්ට හෙළ වෙදකම් කරන්න නිර්වාණ ආයුර්වේද මධ්‍යස්ථානයක් කුරැඳුගහහැතැප්මේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site