IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


විදෙස් මුදල් සංචිතය ඩො. මි. 6,851 ක් දක්වා සියයට 1.1 කින් පහළට

සැප්තැම්බර් මාසය අවසන් වනවිට මහ බැංකුව සතු නිල විදෙස් මුදල් සංචිතයේ වත්කම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,851 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය අගෝස්තු මාසය අවසානයේදී පැවැති ඩොලර් මිලියන 6,969 ට සාපේක්ෂව ඩොලර් මිලියන 78 කින් එනම් සියයට 1.1 කින් පහළ වැටීමකි. 

මහ බැංකුවට අනුව සැප්තැම්බර් මාසය අවසානයේදී පැවැති විදෙස් මුදල් ලෙස පැවැති එම සංචිතය ඩොලර් මිලියන 6,607 කි. එය අගෝස්තුවේදී පැවැති ඩොලර් මිලියන 6,714 ක සිට ඩොලර් මිලියන 107 ක අඩුවීමකි. එසේම රන් සංචිතයේ වටිනාකමත් අගෝස්තුවේ පැවැති ඩොලර් මිලියන 210 සිට සැප්තැම්බර් මාසය අවසන් වනවිට ඩොලර් මිලියන 198 ක් දක්වා අඩුවී තිබේ. 

 



අදහස් (0)

විදෙස් මුදල් සංචිතය ඩො. මි. 6,851 ක් දක්වා සියයට 1.1 කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site