IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


විදෙස් බැංකුවකට රක්ෂණ සමාගමකට මූල්‍ය බුද්ධි ඒකකයෙන් රු.මිලියන 3ක දඩ


භානුක අමරසිංහ 


මුදල් ගනුදෙනු වාර්තා කිරීමේදී ඊට අදාළ අනුකූලතාවෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ විදෙස් බැංකුවකට සහ මෙරට රක්ෂණ සමාගමකට එරෙහිව රුපියල් මිලියන 3ක දඩ පැනවූ බව මහ බැංකුවෙහි මූල්‍ය බුද්ධි ඒකකය පවසයි. 

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස එම ඒකකය මගින් මෙලෙස දඩ පනවා තිබේ. 2024 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා මෙම දඩ පැනවීම සිදුව ඇත. 

ඒ අනුව මෙහිදී ඉන්දියන් බැංකුව වෙත රුපියල් මිලියන 2ක දඩයක් පනවා තිබේ. එම බැංකුව විසින් රුපියල් මිලියනක් හෝ විදේශ මුදලින් එයට සමාන මුදල් ප්‍රමාණයක් ඉක්මවන විද්‍යුත් අරමුදල් හුවමාරුවීමේ ගනුදෙනු කිහිපයක් මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරිමට අපොහොසත් වී තිබේ. 

එසේම රක්ෂණ සමාගමටද අදාළ චෝදනාව යටතේ රුපියල් මිලියන 1ක දඩයක් පමුණුවා තිබේ. මෙලෙස එකතු කරගන්නා ලද මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරන ලද බවත් මහ බැංකුව වැඩි දුරටත් පවසයි.



අදහස් (0)

විදෙස් බැංකුවකට රක්ෂණ සමාගමකට මූල්‍ය බුද්ධි ඒකකයෙන් රු.මිලියන 3ක දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site