IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


විදේශ විකිණීම් ප්‍රධාන සාධකයක් වූ සතියක්

පසුගිය ජනවාරි 31 වැනිදායින් අවසන් වූ සතිය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනුවල දී විදේශීය ආයෝජකයන් සිය කොටස් විකිණීමට දක්වන ලද ප්‍රවණතාව කැපී පෙනිණ. රුපියල් බිලියන 5.1 ක කොටස් විකුණා දමන ලද අතර එය එයට කලින් සතියේ තිබුණ විකිණීමේ ප්‍රවණතාව ද ඉක්මවා තිබේ. සලකා බලන, එනම් ජනවාරි මාසයේ තුන්වැනි සතියේ දී ද රුපියල් බිලියන 3.6 ක කොටස් විදේශිකයන් විකුණා දමා තිබුණි. මෙකී සති දෙක තුළ පමණක් රු.බිලියන 8.7 ක කොටස් විදේශිකයන් විකුණන ලද අතර මිල දී ගැනීම් රු. 2.6 කට සීමා වූ බව වාර්තා සඳහන් කරයි.

ඊයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවාඩු දිනයකි. ජනවාරි 31 න් අවසන් වූ සතියක කාලයේ දී සියලු කොටස් මිල දර්ශකය සියයට 7.39 කින් ඉහළ ගොස් තිබුණ අතර එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය සියයටට 5.19 කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 6.1ක් දක්වා ඉහළ තැනකට පැමිණියේය. 

එම සතියේ ගනුදෙනු හමාර වන විට පෝර්ට් ලෑන්ඩ් රු. 67.50 තෙක් රු. 25.50 කින්, එස්.ඒ.එම්.බී. ෆයිනෑනස්, ශත 30 ක් දක්වා ශත දහයකින්, සිලෝන් ටී රු.7.30 දක්වා රු. 1.90 කින්, කහවත්ත වැවිලි රු. 27.70 තෙක් රු. 7.00 කින් සහ එල්.ඕ.එල්.සී ඉන්ෂුවරන්ස් රු. 7.40 දක්වා රු. 2.20 කින් වශයෙන් ප්‍රතිශතයක් වශයෙන් ඉහළ ගොස් ඇත. වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල පහත වැටුණු සමාගම් අතර සිලෝන් ප්‍රින්ටර්ස් රු. 289.25 දක්වා රු. 57.50 කින්, ටැල් ලංකා රු. 22.10 දක්වා රු. 3.50 කින්, රම්බොඩ පෝල්ස් රු. 34.00 දක්වා රු. 3.40 කින් සහ සිලෝන් බෙවරේජස් රු. 2,728.50 දක්වා රු. 271.25 කින් විය. 

ඉකුත් සඳුදා දිනයේ පිරිවැටුම රු. බිලියන 3.03 වූ අතර එදින අවසානයේ දි ගනුදෙනු 28,115 ක් සිදුවී තිබුණ බව නැවත මතක්කළ යුතුය. නිවාඩු දින ගණන වෙළෙඳාමේ උනන්දුව අඩාළ කරන ලද අතර අද ආරම්භ කරන ඉදිරි දින තුනක කාලය නැවත කොටස් වෙළෙඳාම යුහුසුලුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 


නිරීක්ෂක

 



අදහස් (0)

විදේශ විකිණීම් ප්‍රධාන සාධකයක් වූ සතියක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site