IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


විදේශ රැකියාවලට යන පිරිසේ අඩුවීමක්

නි මාසය වනවිට විදේශ රැකියා සඳහා ගොස් ඇත්තේ 143,037 ක්


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ ජූනි මාසය වනවිට විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 143,037 ක් විදේශ ගත වී ඇති බවත්, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5 ක පමණ ප්‍රතිශතයක පහළ යාමක් බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

වසර ආරම්භයේ ජනවාරි මාසයේදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 25,873 ක් විදේශ ගතවී ඇති අතර, එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව විදේශ ගතවූ සංඛ්‍යාවේ ඉහළ යාමක් වූවේය. කෙසේ නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව පසුගිය වසරේ එම මාසවලට සාපේක්ෂව පහළ ගොස් ඇත.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී 22,271 ක, මාර්තු මාසයේදී 21,552ක, අප්‍රේල් මාසයේදී 22,011ක් සහ මැයි මාසයේදී 27,142 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රැකියා සඳහා විදේශ ගත වී තිබිණි.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී 25,149ක්, පෙබරවරි මාසයේදී 25,737ක, මාර්තු මාසයේදී 24,158ක, අප්‍රේල් මාසයේදී 22,220 ක සහ මැයි මාසයේදී 28,201ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රැකියා සඳහා විදේශ ගතවී තිබුණේය.



අදහස් (0)

විදේශ රැකියාවලට යන පිරිසේ අඩුවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site