IMG-LOGO

2026 අගෝස්තු මස 09 වන ඉරිදා


විදේශ රැකියාවලට ගිය පිරිසේ සියයට 4.84 ක වර්ධනයක්


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ ජූලි මාසයේ රැකියා සඳහා විදේශගතවූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ජූනි මාසයට සාපේක්ෂව සියයට 4.84 කින් වර්ධනය වී ඇතැයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකිකයන් 25,622 ක් ජූලි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්වී ඇති අතර එය මෙම වසරේ මසක් තුළ රැකියා සඳහා විදේශ ගතවූ වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසද වේ. මෙම වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලාංකිකයන් 24,440ක් රැකියා සඳහා විදේශ ගතවී තිබිණි. ඊශ්‍රායලය, දකුණු කොරියාව සහ ජපානය සමග රජය රැකියා ගිවිසුම් අත්සන් කිරීමත් සමග ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා පිටත්වීමට දැඩි උනන්දුවක් දැක්වීම මෙලෙස ජූලි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්වන පිරිස ඉහළ යාමට හේතුවක් වී ඇති බවද විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.

ජූලි මාසයේදී ශ්‍රී ලාංකිකයන් 2,521ක් ඊශ්‍රායලය සඳහාද, 1,618ක් දකුණු කොරියාව සඳහාද, 79ක් ජපානය සඳහාද රැකියා අපේක්ෂාවෙන් පිටත්ව ඇතැයි එම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.



අදහස් (0)

විදේශ රැකියාවලට ගිය පිරිසේ සියයට 4.84 ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site