පසුගිය දින කිහිපය තුළ තිබුණ සක්‍රීය භාවයේ එක්තරා සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඊයේ (මැයි 20) කොටස් වෙළෙඳ පොළ පසුබෑමක් සහිතව අවසන් විය. දිනයේ ගනුදෙනු ආරම්භක සුළු මොහොතක් වර්ධනය සනිටුහන් කළ නමුත් දිනය පුරා විකිණීමට යුහුසුළු වන ප්‍රවණතාවක් තිබුණි. පසුගියදින කිහිපය තුළ මිල දී ගත් කොටස් ලාබ සහිතව විකිණීමට පෙළැඹීම මෙයට හේතු වූ බව සැලකේ.
මේ අතර බලංගොඩ වැවිලි කොටසක් සඳහා රුපියලක් හා සෙන්ට්‍රල් ෆිනෑන්ස් සඳහා රුපියල් 3.75 ක ලාභාංශ ප්‍රකාශයට පත් කොට තිබේ. පසුගිය දා ප්‍රකාශයට පත් වූ ලංකා බැංකුව සහ මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ණයකර නිකුත් කිරීම් අධි ඉල්ලුමක් සහිතව අවසන් වූ බව වාර්තා වේ. දර්ශක පසුබැසීමක් පවතින නමුත් පසුගිය දින කිහිපය තුළ විදේශීය ආයෝජකයන්ගේ මිල දී ගැනීම් සක්‍රීය වූ බවක් නිරීක්ෂණය කළ හැකි විය.
ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,336.25 ක් වු අතර එය දර්ශක 61.43 ක පසුබෑමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,811.19 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 23.85 ක පහත වැටීමක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 14,687 ක් වාර්තා වූ අතර සමාගම් 84 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 127 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 1,511.60 ක් විය. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ තවත් වටයකින් මිල දී ගැනීමේ අවස්ථා දියුණු විය හැකි බව ආයෝජන උපදේශකයෝ පෙන්වා දෙති.
නිරීක්ෂක
විදේශ මිල දී ගැනීමේ නැඹුරුවක්