IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


විදේශීය ආයෝජකයෝ කොළඹ වරාය - වරාය නගරයේ සමුද්‍රීය ආයෝජන අවස්ථා නිරීක්ෂණය කරති

වොයේජ් ශ්‍රී ලංකා 2025 සමුද්‍රීය සමුළුවට සමගාමීව, ඉන්දියාව, සෞදි අරාබිය, ඔමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවලින් පැමිණි විදේශීය ආයෝජකයන් දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා කොළඹ වරාය සහ වරාය නගරය නිරීක්ෂණය කළහ. සමුද්‍රීය ආයෝජන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඇති හැකියාව සහ අවස්ථා ප්‍රදර්ශනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය. සමුද්‍ර හා අක්වෙරළ, බෝට්ටු නිෂ්පාදන සේවා වැනි විවිධ ක්ෂේත්‍ර හරහා ඇති අවස්ථා පිළිබඳව නියෝජිත පිරිස ගවේෂණය කළහ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) සමග සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් දෙවැනි වරට පවත්වන සමුද්‍ර හා අක්වෙරළ බෝට්ටු නිෂ්පාදන සමුළුව අද (16) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වේ. නීල ආර්ථිකය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි විභවයන් මෙම සමුළුව ඉස්මතු කරයි.
සමුද්‍රීය සේවා පිළිබඳ ශ්‍රී ලංකාවේ විශේෂඥ දැනුම මෙන්ම බෝට්ටු සහ නැව් තැනීමේ කර්මාන්තවල ශ්‍රී ලංකාවේ ශක්තීන් පිළිබඳව මෙම සමුළුව අවධානය යොමු කරයි. .



අදහස් (0)

විදේශීය ආයෝජකයෝ කොළඹ වරාය - වරාය නගරයේ සමුද්‍රීය ආයෝජන අවස්ථා නිරීක්ෂණය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site