IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


විදුල්ලංකා 6MW මාදම්පේ සූර්ය විදුලි බලාගාරය මෙහෙයුම් අරඹයි

විදුල්ලංකා පීඑල්සී සමාගම හලාවත, බංගදෙනියේ ඉදිකළ මෙගාවොට් 6ක (6MW)  ධාරිතාවකින් යුත් මාදම්පේ සූර්ය බලශක්ති විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු පසුගියදා සංකේතාත්මකව ආරම්භ කළ බව පවසයි. 
මෙහිදී විදුල්ලංකා පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන සීමාසහිත විදුල් මාදම්පේ සෝලාර් පවර් (පෞද්) සමාගම මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මෙම බලාගාරය මගින් ගිගාවොට් 9.9ක (Gwh) පිරිසිදු බලශක්තියක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර, එය ජාතික පද්ධතිය වෙත එක් කෙරෙන බව පවසයි.



අදහස් (0)

විදුල්ලංකා 6MW මාදම්පේ සූර්ය විදුලි බලාගාරය මෙහෙයුම් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site