
භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම Arinma Power පෞද්ගලික සමාගමට අයත් SAFE Power International හි සියයට 30ක කොටස් හිමිකාරීත්වයක් මිලදී ගත් බව පවසයි. පසුගිය නොවැම්බර් 14 වැනිදා මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 225 ක් බව විදුල්ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි.
මෙම SAFE Power International පෞද්ගලික සමාගම සතුව පුත්තලම දිස්ත්‍රික්කයේ ආලන්කුඩාහි ඉදිකරන මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා වන අනුමැතිය සහ ගිවිසුමක් පවතින බව සඳහන් වෙයි. ඒ අනුව මෙම ආයෝජනය විදුල්ලංකා සමාගම සිය පුනර්ජනනීය බලශක්ති කළඹ තවදුරටත් පුළුල් කරගැනීමේ කටයුත්තේ ක්‍රමෝපායික අවස්ථාවක් බවද පවසා සිටියි.
විදුල්ලංකා රු.මි. 225 කට SAFE Power හි සියයට 30ක් මිලදී ගනී