IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


විදුලිබල මණ්ඩලයට පළමු කාර්තුවේදී රුපියල් බිලියන 18 ක පාඩුවක්

 

  • 2023 වසරේ සිව්වැනි කාර්තුවේ සිට පිටපිට කාර්තු 5 ක් ලාබ ලබලා
  • පළමු කාර්තුවේ ආදායම රුපියල් බිලියන 93.9 ක් වූ අතර එය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 44 ක ආදායම් පහළ යෑමක්

විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසර මුලදී විදුලිය ගාස්තුව සියයට 20කින් අඩු කිරීමෙන් පසුව 2023 වසරේ සිව්වැනි කාර්තුවේ සිට පිට පිට කාර්තු 5 ක් ලාබ ලැබූ ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 18 ක පාඩුවක් ලබා ඇතැයි එහි අතුරු මූල්‍ය වාර්තාව පෙන්වා දුන්නේය.

සියයට 20 කින් මෙම වසර මුලදී විදුලිය ගාස්තුව අඩු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනද ප්‍රමදයකට ලක්වූ අතර, පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම එහි කැපවීමක් වීම එයට හේතුව විය.

ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම වසරේ පළමු කාර්තුවේ ආදායම රුපියල් බිලියන 93.9 ක් වූ අතර, එය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 44 ක ආදායම පහළ යෑමක් විය. එසේම මෙම වසරේ පළමු කාර්තුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ විකුණුම් පිරිවැය රුපියල් බිලියන 112.1ක් වූ අතර, පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව එය සියයට 6.8 ක ඉහළ යාමකි.

ඒ අනුව පළමු කාර්තුවේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 18.2 ක දළ පාඩුවක් ලබා ඇත. ඉහළ විදුලිය ගාස්තුවක් සහ ස්ථාවර වෙමින් පැවැති මුදල් ඒකකයක් තිබූ පසුගිය වසරේ පළමු කාර්තුවේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 62.7 ක දළ ලාබයක් ලබා තිබිණි.



අදහස් (0)

විදුලිබල මණ්ඩලයට පළමු කාර්තුවේදී රුපියල් බිලියන 18 ක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site