×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
‘වෙදගෙදර නිෂ්පාදකයෝ’ වෙළෙඳ නාමය අනුකරණයට “සදර්න් ආයුර්වේදයට” වාරණයක්
කතෘ මණ්ඩලය 2026 පෙබරවාරි මස 18
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
මනෝප්‍රිය ගුණසේකර
‘වෙදගෙදර
නිෂ්පාදකයෝ’ පෞද්ගලික සමාගම භාවිතා කරන වෙළෙඳ නාමය අනුකරණය කිරීම් සහ එම වෙළෙඳ නාමයට ශබ්දමය හෝ දෘෂ්‍යමය වශයෙන් සමානකම් ඇති වෙළෙඳ නාමයක් භාවිතා කිරීම වළකාලමින් “සදර්න් ආයුර්වේද” පෞද්ගලික සමාගමට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.
‘වෙදගෙදර නිෂ්පාදකයෝ’ පෞද්ගලික සමාගම බර අඩු කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති ඖෂධය නිෂ්පාදනය කිරීම හෝ වෙනත් නිෂ්පාදනයක් කිරීම මෙන්ම අදාළ සමාගම කරනු ලබන නිෂ්පාදන නිෂ්පාදනය කිරීමද ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය කිරීම මෙන්ම ‘වෙදගෙදර නිෂ්පාදකයෝ’ පෞද්ගලික සමාගම යොදා ගන්නා වෙළෙඳ දැන්වීම්, වෙළෙඳ නාම හෝ වෙළෙඳ ලකුණ අනුකරණය කිරීමද වළකාලමින් ‘සදර්න් ආයුර්වේද’ පෞද්ගලික සමාගමට එරෙහිව වැඩිදුරටත් වාරණ නියෝගයක් නිකුත් කළාය.
බර අඩු කිරීම සඳහා තම සමාගම නිෂ්පාදනය කර ඇති ‘ගාසි හර්බල් කැන්ඩි’ ඖෂධය තම සමාගම භාවිත කරන වෙළෙඳ නාමය අනුකරණය කරමින් වගඋත්තරකාර ‘වෙදගෙදර නිෂ්පාදකයෝ’ පෞද්ගලික සමාගම විසින් ද වෙළෙඳපොළට ඖෂධ නිකුත් කිරීම වළකාලන්නැයිද තම සමාගමේ වෙළෙඳ නාමයට ශබ්දමය හෝ දෘෂ්‍යමය වශයෙන් සමානකම් ඇති වෙළෙඳ නාම භාවිත කරමින් වෙනත් ඖෂධ වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාවක් ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබු පෙත්සමක් සලකා බැලු විනිසුරුවරිය අදාළ වාරණ නියෝගය නිකුත් කළාය.
‘වෙදගෙදර නිෂ්පාදකයෝ’ පෞද්ගලික සමාගම විසින් ‘සදර්න් ආයුර්වේද’ පෞද්ගලික සමාගමට එරෙහිව පවරා තිබු පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය අදාළ වාරණ නියෝගය නිකුත් කළාය. පෙත්සම්කාර ‘වෙදගෙදර නිෂ්පාදකයෝ’ පුද්ගලික සමාගම වෙනුවෙන් නීතීඥ මඩුල්ලක් සමග ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියේය.”
අදහස් (0)
‘වෙදගෙදර නිෂ්පාදකයෝ’ වෙළෙඳ නාමය අනුකරණයට “සදර්න් ආයුර්වේදයට” වාරණයක්
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
‘වෙදගෙදර නිෂ්පාදකයෝ’ වෙළෙඳ නාමය අනුකරණයට “සදර්න් ආයුර්වේදයට” වාරණයක්