IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


වතු සමාගම්වල කාර්ය සාධනය ගැන ආයෝජන උනන්දුවක්

තේ වැවිලි සමාගම්වල ලාබ ඉහළට එන බවක් තේ වෙන්දේසි වාර්තා අනුව අනුමාන කළ හැකිව තිබේ. 2023 වසරේ දී කිලෝවකට සාමාන්‍යයෙන් ලැබුණ කොළඹ තේ වෙන්දේසි මිල ඩොලර් 5.47 ක් වන අතර එය මෙම වසරේ මෙතෙක් සාමාන්‍ය සලකා බලන පසු ඩොලර් 5.86 තෙක් වැඩිවීමක් බව දැක්වේ. තේ අපනයනය ද ඉහළ ගොස් තිබේ. පසුගිය මාස නවය තුළ තේ අපනයනය සියයට විස්සකින් ඉහළ ගොස් ඇති බව ද අනාවරණය වේ.
 කෙසේ වෙතත් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව අනුව සමාගම්වල පැවැත්ම සම්බන්ධ ගැටලු කොටස් හිමියන්ගේ කනස්සල්ලට හේතු වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. 
වතු කළමනාකරණ වියදම ඉහළ ගියහොත් ලාභාංශ අඩුවන අතර ඉදිරියේ දී අපේක්ෂා කරන රුපියලේ අගය සමග තත්වය තවත් තියුණු විය හැකි බවක් තිබේ. 
කොටගල වැවිලි සමාගම සිය කොටස් නිකුතුව සම්පූර්ණ කරගෙන ඇති අතර එයට අධි ඉල්ලුමක් ලැබී තිබේ. මූලික කොටස් හිමියන් ආවරණය වන පරිදි කොටසක් රුපියල් නවයකට මිල නියම කරන ලද අතර දැනට සමාගමේ කොටසක් රුපියල් 9.70කට හුවමාරු වෙමින් තිබේ. වැවිලි සමාගම්වල කොටස් කෙරෙහි අවධානය දක්වන බවට මෙම පැතිකඩ උපයෝගිකරගත හැකි බව ආයෝජන උපදේශක මතය වී ඇත.
ඊයේ (ඔක්. 22) ගනුදෙනු අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,791.07 ක් දක්වා ඉහල ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 7.45 ක පිබිදීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,276.86 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 7.21 ක පිරිහීමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.61 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 43,277 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 217.1 ක් විය. සමාගම් 129 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 127 කි. මිල දී ගැනීමේ ප්‍රවණතාව සියයට 60.7 ක වැනි ඉහළ තැනෙක විය. එහෙත් ඉසුරුමත් සමාගම්වල මිල දී ගැනීම සඳහා තරමක් කල්තබන ලක්ෂණ වෙළඳ පොල කොටස් හුවමාරුව අනාවරණය කරන ලදී.
නිරීක්ෂක



අදහස් (0)

වතු සමාගම්වල කාර්ය සාධනය ගැන ආයෝජන උනන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site