
කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත
මෙරට වැවිලි කර්මාන්තය නගා සිටුවමින් එම කර්මාන්තයේ නියැලී සිටින වතු කම්කරුවන්ගේ ජන ජීවිතය නැංවීමට ඉන්දීය රජයෙන් ප්රදානය කෙරුණු ආධාර යටතේ ක්රියාත්මක වන, වතු ආදර්ශ ගම්මාන නිවාස ව්යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්රික්කයේ යක්කලමුල්ල තලංගහ වතුයායේ ඉදිකරන ලද “දිදුල” ගම්මානය ප්රතිලාභීන් වෙත පවරාදීම ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.
එම අවස්ථාවට නගර නිර්මාණ, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්ය වෛද්ය එම්.එච්. සුසිල් රණසිංහ, ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී තිලංක යූ. ගමගේ හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්ද්ර සිං ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාථ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනරජයේ අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතාගේ මගපෙන්වීම මත මෙම ව්යාපෘතිය කඩිනම් වී ඇත. 2018 වසරේ මෙම නිවාස ව්යපෘතිය ආරම්භ කෙරිණි.
ඉන්දීය සහ ශ්රී ලංකා මිත්රත්වය තවදුරටත් තහවුරු කරමින් ඉදිවූ මෙම ව්යාපෘතියෙන් ප්රදේශයේ පවුල් 24කට නව නිවාස හිමිවේ. මෙම වැඩසටහන නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්රික් කර්යාලය විසින් සංවිධානය කෙරිණි.
වතු කම්කරු ජීවන තත්වය නැංවීමට ඉන්දියාවෙන් නිවාස