IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


වාණිජ බැංකු පෞද්ගලික අංශයට දුන් ණය රු. බි. 201.5 කින් වර්ධනය වෙලා

පළමු මාස 7 දී වාණිජ බැංකු පෞද්ගලික අංශයට දී ඇති ණය රුපියල් බිලියන 901.6 ක්


මෙම වසරේ ජූලි මාසයේදීද මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශය ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 201.5 කින් වර්ධනය වී ඇති අතර, ඒ සමග මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය ප්‍රමාණය ප්‍රමාණය රුපියල් බිලියන 901.6 දක්වා ඉහළ ගියේය.

පසුගිය වසරේ පළමු මාස 7 තුළදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 341 විය. එසේම 2024 වසරේ ජූලි මාසයේ සිට මෙම වසරේ ජූලි මාසය දක්වා මාස 12 කාලයේදී පුද්ගලික අංශයට රුපියල් බිලියන 1,485 ක ණය මුදලක් මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු ලබාදී තිබිණි. එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 19.6 ක වර්ධනයකි.

පසුගිය ජූලි මාසයේදී මෙරට වාණිජ බැංකු රාජ්‍ය ව්‍යවසායන්ට ලබාදී ඇති ණය ප්‍රමාණය පහළ ගොස් ඇත. 



අදහස් (0)

වාණිජ බැංකු පෞද්ගලික අංශයට දුන් ණය රු. බි. 201.5 කින් වර්ධනය වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site