IMG-LOGO

2026 මැයි මස 31 වන ඉරිදා


වැඩිහිටියන්ට වන හානි අවම කිරීමත්, අවුරුදු 21ට අඩු අය රැකගැනීමත් එකිනෙකට විරුද්ධ ප්‍රතිපත්ති නොවේ

දුම් රහිත නිෂ්පාදන සහ දුම්කොළ රහිත නිකොටින් පැසි වැනි නවීන නිෂ්පාදන ලොව පුරා මෙන්ම මෑතකදී ශ්‍රී ලංකාවෙන් දක්නට ලැබීම හේතුවෙන් බොහෝ දෙනාගේ අවධානය හිමි විය. මෙය ද දුම්පානයට අධිකව ඇබ්බැහිව සිටින මිලියන සංඛ්‍යාත වැඩිහිටියන්ට සෞඛ්‍ය හානි අඩු විකල්ප ක්‍රමවේදයකි. කෙසේ නමුත් මෙහි ජනප්‍රියත්වය නිසාම මෙය බාලවයස්කරුවන් අතට පත්වීමේ අර්බුදකාරී තත්වයක් දක්වා පැන නැගී තිබීම දක්නට ලැබේ. 
පසුගිය දිනෙක රත්නපුර ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයකු විසින් අනෙකුත් සිසුන්ට “Puff” එක බැගින් ‘වේප්’ අලෙවි කිරීමේ පුවත, මෙම නිෂ්පාදන සම්බන්ධයෙන් විධිමත් නීති රීතිවල අවශ්‍යතාව පෙන්වා දෙන භයානක උදාහරණයකි. වේප් සහ නිකොටින් පැකට් නිර්මාණය කර ඇත්තේ වැඩිහිටියන් සඳහාම පමණි. බාලවයස්කරුවන් මේවායින් ආරක්ෂා කිරීමේ නීතිමය අවශ්‍යතාවක් මෙන්ම සදාචාරාත්මක වගකීමක් පැවරී ඇත. 
දුම්කොළ ආශ්‍රිත හානි අවම කිරීම සඳහා වැඩිහිටියන් වෙනුවෙන් මෙම නවීන නිෂ්පාදනය හඳුන්වා දුන්නද මේ හේතුවෙන් මීළඟ පරපුරට හානියක් වේ දැයි මහජනයා සහ ප්‍රතිපත්ති සම්පාදකයන් බිය වුවහොත් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවලින් වන හානි අවම කිරීමට අප දරන මෙම උත්සාහය අසාර්ථක වනු ඇත. ඒ නිසාම බාලවයස්කරුවන් සඳහා දැඩි නීති රීති නිර්මාණය කිරීමේ අත්‍යවශ්‍යතාවක් පැන නැගී ඇති අතර ඒ හරහා බාලවයස්කරුවන් මේ සඳහා යොමුවීමද වළක්වා ගැනීමේ හැකියාවක් පවතී. 
අලෙවිකරණයේදී, නිෂ්පාදන සැලසුම් කිරීමේදී හෝ සිල්ලර අලෙවියේදී සිදුවන වගකීම් විරහිත ක්‍රියා කිසිසේත් ඉවසිය නොහැක. ඒවා මහජන විශ්වාසය පළුදු කරන අතර, දැඩි තහනම් නීති පැනවීමට මඟ පාදයි.
එමගින් සිගරැට් පානයෙන් මිදීමට උත්සාහ කරන මිලියන ගණනක් දුම්පානය කරන වැඩිහිටියන්ට ඇති අවස්ථාව ද අහිමි වේ. වැඩිහිටියන් සඳහා හානි අවම කිරීම සහ බාලවයස්කරුවන් ආරක්ෂා කිරීම යනු එකම කාසියක දෙපැත්තයි. විශ්වාසවන්ත නිෂ්පාදනයක් යනු එය අදාළ වැඩිහිටියන්ට පමණක් ලබා දෙන බවට සහතිකයක් ඇති නිෂ්පාදනයකි.
විසඳුම: වගකීම් සහගත හවුල්කාරිත්වය මෙම විශ්වාසය ගොඩනැගීමට නම් බාලවයස්කරුවන් මේවා ලබා ගැනීම වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ සඳහා කර්මාන්තකරුවන් සහ නියාමකයන් එක්ව ප්‍රායෝගික මෙන්ම දැඩි පාලන පද්ධතියක් සකස් කළ යුතුය.
ඒ අනුව වයස තහවුරු කිරීම: සෑම අලෙවිසලකදීම පාරිභෝගිකයාගේ වයස තහවුරු කිරීමේ ක්‍රමවේද තිබිය යුතුය. මේ සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කළ යුතු අතර, බාලවයස්කරුවන්ට මේවා විකුණන අයට දැඩි දඬුවම් පැමිණවිය යුතුය. 
වගකීම් සහගත ප්‍රචාරණය: සියලු‍ම වෙළෙඳ දැන්වීම් වැඩිහිටියන් ඉලක්ක කරගත් ඒවා විය යුතුය. අවුරුදු 21 ට අඩු අයවලු‍න් ආකර්ෂණය වන ආකාරයේ රස ඇසුරුම් ක්‍රම හෝ සමාජ මාධ්‍ය ප්‍රචාරණ භාවිත නොකළ යුතුය. 
නිෂ්පාදන සැලසුම් කිරීම: නිෂ්පාදන සැලසුම් කළ යුත්තේ වැඩිහිටියන් සඳහා මිස අවුරුදු 21 ට අඩු අයවලු‍න් සඳහා නොවේ. රස විස්තර කිරීමේදී සරල වචන භාවිත කළ යුතු අතර, අයිස්ක්‍රීම් හෝ ජූස් පැකට් මෙන් පෙනෙන නිර්මාණ අත්හැරිය යුතුය. දැනට පවතින නීති විරෝධී වෙළෙඳපොළේ ඇති එවැනි නිෂ්පාදන නැවැත්වීමට නීති පැනවිය යුතු අතර, මුළුමනින්ම තහනම් කිරීම විසඳුම නොවේ.
අවුරුදු 21 ට අඩු අයවලු‍න් ආරක්ෂා කිරීමේ අභියෝගය ජය ගැනීමට කර්මාන්තය, නියාමකයන් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එක්ව කටයුතු කළ යුතුයි.
ලංකාවේ වැඩිහිටි දුම්පානය කරන්නන්ට හානිය අවම කරන විකල්ප ලබා දීමට මෙම නිෂ්පාදනවලට හැකියාව ඇති අතර, ඒ සමගම නීති රීති මගින් අවුරුදු 21 ට අඩු අයවලු‍න් ඉන් පූර්ණ ලෙස ආරක්ෂා වන බවට ද වගබලා ගත යුතුයි.



අදහස් (0)

වැඩිහිටියන්ට වන හානි අවම කිරීමත්, අවුරුදු 21ට අඩු අය රැකගැනීමත් එකිනෙකට විරුද්ධ ප්‍රතිපත්ති නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site