ඩොලර් බිලියන 2.25 ක භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කරලා
දෙවැනි ස්ථානයට වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඉන්දියාවට
විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 9දී වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකාවට මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.25 ක භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පසුගියදා ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී ඇමෙරිකාවේ අපනයනය කර තිබූ වෙළෙඳ භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.18 ක් බවත්, ඒ අනුව මෙම වසරේදී ඇමෙරිකාවට අපනයනය කළ භාණ්ඩ ප්‍රමාණය සියයට 3.04 කින් වර්ධනය වී තිබෙන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය.
එසේම මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 238.72 ක භාණ්ඩ ප්‍රමාණයක් ඇමෙරිකාව අපනයනය කර ඇති බවත්, එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 2.84 ක පහළ යාමක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 245.69 ක භාණ්ඩ ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කර තිබූ බවද එම මණ්ඩලය පැවැසුවේය.
දෙවැනි ස්ථානයට මෙම වසරේ පළමු මාස 9 දී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳභාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඉන්දියාවට වන අතර, ඉන්දියාවට මෙම වසරේ පළමු මස නවයේදී අපනයනය කළ වෙළෙඳ භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 792.41 කි. එය පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව සියයට 23.09 ක වර්ධනයකි.
ස්ථානයට මෙම වසරේ පළමු මාස 9 දී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ එක්සත් රාජධානියට වන අතර, එක්සත් රාජධානියට අපනයනය කර ඇති වෙළෙඳ භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 721.73 කි. එය පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව සියයට 4.40 ක වර්ධනයකි. කෙසේ නමුත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියට කළ වෙළෙඳ භාණ්ඩ අපනයන සියයට 4.75 කින් පහළ ගොස් ඇත.
මෙම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය ජර්මනියටත්, පස්වැනි ස්ථානය ඉතාලියටත් හිමිව තිබේ. ජර්මනියට කළ වෙළෙඳ භාණ්ඩ අපනයන පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස නවයේදී සියයට 12.28 කින් වර්ධනය වී ඇති අතර, ඉතාලියට කළ වෙළෙඳ භාණ්ඩ අපනයන සියයට 14.68 කින් වර්ධනය වී ඇත.
වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඇමෙරිකාවට