කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් ඊයේ (24) දිනයේදී යළිත් ඉහළ නැගීමක් වාර්තා කළේය. පසුගිය ජූනි 20 වැනිදාට පසුව දර්ශක අගයන් ඉහළ ගිය පළමු අවස්ථාව මෙය විය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,191.20ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 425.80 කින් එනම් සියයට 2.54කින් ඉහළ නැග්ගේය.
එහිදී සමාගම් 209 ක කොටස් මිල ඉහළ ගිය අතර සමාගම් 19ක මිල පහළ වැටුණි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් ඒකක 5,133.90ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 142.72කින් එනම් සියයට 2.86 කින් ඉහළ ගියේය. විශේෂයෙන්ම ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම් නිමා කිරීම සඳහා සටන් විරාමයක් ක්‍රියාත්මක වීමේ බලාපොරොත්තු මේ සඳහා හේතුව විය. දිනය තුළ කොටස් මිලියන 235ක් ගනුදෙනු වූ අතර, රුපියල් බිලියන 5.2ක සමස්ත පිරිවැටුමක්ද වාර්තා කළේය.
වැටුණු කොටස් වෙළෙඳපොළ යළි නැගිටී