IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


වැටුණු කොටස් වෙළෙඳපොළ නගී

විමුක්ති එස් රුද්‍රිගු


දිගින් දිගටම පහළ බසිමින් තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් ඊයේ (20) වාර්තා විය. එහිදී සියලු‍ කොටස් මිල දර්ශක අගය ඒකක 256.77කින් ඉහළ ගිය අතර එස් ඇන්ඩ් පී එස්.එල්20 දර්ශකය ඒකක 94.93කින් ඉහළ ගියේය.

දිනය අවසානයේ දී සියලු‍ කොටස් මිල දර්ශක අගය ඒකක 15,662.39ක් ලෙසත්  එස් ඇන්ඩ් පී එස්.එල් 20 දර්ශක අගය ඒකක 4,700.17 ක් ලෙසත් සටහන් විය. පසුගිය 05 වැනිදා සිට ගතවූ ගනුදෙනු දින 10 දී කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් දැකිය හැකිවූ දෙවැනි අවස්ථාව මෙයය.



අදහස් (0)

වැටුණු කොටස් වෙළෙඳපොළ නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site