IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


ලී හෙජස් පීඑල්සී සමාගම ලංකා රියැලිටි ඩිවලොප්මන්ට් අත්පත් කරගැනීමට සැරසේ

  • සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 3.15 ක්

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලී හෙජස් පීඑල්සී සමාගම ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමක් වන ලංකා රියැලිටි ඩිවලොප්මන්ට්ස් (පෞද්) සමාගම අත්පත් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. පසුගිය මාර්තු 19 වැනිදා රැස්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව එහි මූලික පියවර ලෙස ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සතු ලංකා ඩිවලොප්මන්ට්ස් සමාගමේ සියයට 51ක කොටස් හිමිකාරීත්වයක් මිලදී ගන්නා බව සමාගම පවසයි. එහි වටිනාකම රුපියල් බිලියන 1.61ක් ලෙස සටහන්ව තිබේ. එසේම ඉතිරි කොටස් සියයට 49 හිමි එයිට්ත් වොන්ඩර් සමාගමෙන්ද එම කොටස් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටින අතර, එහි වටිනාකම රුපියල් බිලියන 1.55 කි.

මෙම වසරේ ජනවාරි මාසයේදී ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 4 කට ලී හෙජස් පීඑල්සී සමාගම මිලදී ගැනීමට පියවර ගත්තේය. ඒ අනුව අද වනවිට ලී හෙජස් සමාගමත් ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමකි. සුප්‍රසිද්ධ යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල සහ HQ Colombo යන ගොඩනැගිලි ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමට අයත්ය. 



අදහස් (0)

ලී හෙජස් පීඑල්සී සමාගම ලංකා රියැලිටි ඩිවලොප්මන්ට් අත්පත් කරගැනීමට සැරසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site