IMG-LOGO

2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා


ලාෆ්ස් ගෑස් සමූහය ලාෆ්ස් ටර්මිනල්ස් අත්හැරීමේ මූලික සාකච්ඡාවක

  • හම්බන්තොට වරායේ මෙට්‍රික් ටොන් 30,000ක එල්පී ගෑස් පර්යන්තයේ හිමිකරු ලාෆ්ස් ටර්මිනල්ස් සමාගමයි 

ලාෆ්ස් ගෑස් පීඑල්සී සමූහයට අයත් පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිත සමාගමක් වන, ලාෆ්ස් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගම වෙනත් පාර්ශ්වයක් වෙත පැවරීම සම්බන්ධයෙන් වන මූලික මට්ටමේ, අවිධිමත් සාකච්ඡාවක නිරත වූ බව ලාෆ්ස් ගෑස් පීඑල්සී සමූහය පවසයි.

ඊයේ (26) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමූහය සිය කොටස් හිමිකරුවන් වෙත මේ බව සඳහන් කර තිබේ. සිය පරිපාලිත සමාගම සම්බන්ධයෙන් වන උපායමාර්ගික විසඳුමක් ලෙස මෙම සාකච්ඡාව පැවැත් වෙන බව සමූහය පවසයි.

මෙම ලාෆ්ස් ටර්මිනල්ස් ලිමිටඞ් සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරා​ෙය් මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවකින් යුත් එල්පී ගෑස් පර්යන්තයක හිමිකාරීත්වය සහ මෙහෙයුම් පවත්වාගෙන යයි. එම සමාගම විදේශීය නෞකා මගින් රැගෙන එන එල්පී ගෑස් බියගම පිහිටි සිය ලාෆ්ස් ප්‍රධාන පිරවුම්හල වෙත රැගෙන යාමට පෙර ගබඩා කර තබා ගන්නේ මෙම පර්යන්තය තුළයි.

ලාෆ්ස් ගෑස් පීඑල්සී සමූහයට අනුව මෙම පවත්වාගෙන යන සාකච්ඡාව යටතේ වාණිජ හවුල්කාරීත්වයක්, ආයෝජනයක් සහ සමාගමේ සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය හෝ ඉන් කොටසක් අලෙවි කිරීම යනාදී විසඳුම් පවතින බවත් සඳහන් වෙයි.

 



අදහස් (0)

ලාෆ්ස් ගෑස් සමූහය ලාෆ්ස් ටර්මිනල්ස් අත්හැරීමේ මූලික සාකච්ඡාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site